2023/2024 තක්සේරු වර්ෂය සඳහා වන අවසන් ආදායම් බදු ගෙවීම් අද (සැප් 30) වන විට ගෙවන ලෙස සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) අනුව, තම ආදායම් බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද කරන අයට එරෙහිව නීතියට අනුව දඩ හෝ පොලී ගාස්තු පනවනු ලැබේ.
IRD හි හිඟ බදු ගෙවන්නන්ගෙන් 2024 ඔක්තෝබර් 30 හෝ ඊට පෙර ගෙවන ලෙස ඉල්ලා ඇත.
නියමිත දිනට තම හිඟ ගෙවීම් පියවීමට අපොහොසත් වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව IRD අනතුරු අඟවා ඇත.
1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ වැඩිදුර විමසීම් කළ හැකි බව IRD වැඩිදුරටත් පවසයි. (Newswire)