ප්‍රදේශ කිහිපයකට අද වැසි අපේක්ෂා කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

මේ අතර මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.45-50 දක්වා වැඩි විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් හෝ මධ්‍යස්ථ විය හැක. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක. (පුවත්පත්)

Related posts

කාලගුණය : ප්‍රදේශ කිහිපයක වැසි, තද සුළං

අයහපත් කාලගුණය : ජනපතිගෙන් අමාත්‍යාංශ දෙකකට උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමූ පාසල් පිළිබඳ යාවත්කාලීන කිරීම