ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවිල් වැසියන් වෙත නිකුත් කර ඇති සියලුම ගිනි අවි තාවකාලිකව ආපසු කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
“සියලු බලපත්‍රලාභීන් විසින් නොවැම්බර් 7 වනදාට පෙර සිය ගිනි අවි සහ පතොරම් වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථානය වෙත ආපසු භාර දිය යුතුය” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.