මහ මැතිවරණය: ශ්‍රීලනිප කණ්ඩායම “ගෑස් සිලින්ඩරය” යටතේ තරග කරයි

නිමල් සිරිපාල ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එළඹෙන මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින් පිහිටුවා ගන්නා සන්ධානයෙන් තරග කිරීමට තීරණය කර තිබේ.

හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

“කෙසේ වෙතත් මෙම සන්ධානය යටතේ තරග කිරීමට ගත් තීරණය අදාළ වන්නේ මේ මැතිවරණයට පමණයි,” ද සිල්වා අවධාරණය කළේය. පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් සමඟ නව ලකුණක් යටතේ පක්ෂය තරඟ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එළැඹෙන මැතිවරණයට සන්ධානය යටතේ තරග කිරීමට තම පක්‍ෂය කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවද ඔහු පැවසීය.
ද සිල්වා ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළා. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.