හිටපු කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ පැජට් පාරේ පිහිටි සිය නිල නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට පවරා දී ඇති බව වාර්තා වේ.
පසුගිය පාලන වෙනසට සමගාමීව හිටපු අමාත්‍යවරයා අද සිය නිල නිවසින් ඉවත් වුණා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර කියා සිටියේ එම නිවස සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ලබාදීමේ යෝජනාව තමන් විසින් හිටපු රජයට ඉදිරිපත් කළ බවයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය රජය විසින් ලබාදී ඇති බව පවසමින් ඔහු කියා සිටියේ මෙම ස්ථාන මාරුව සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි අවසන් කර ඇති අතර එමඟින් පාසලට ගොඩනැගිල්ල භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. (පුවත්පත්)