ගම්පොල – නාවලපිටිය මාර්ගයේ ගම්පොල නගරයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තුන් හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබෙනවා.
ජීප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර එහිදී රියදුරු සහ තුන් හැවිරිදි දරුවෙකු රථයෙන් ඉවතට විසිවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ජීප් රථය වීදි වෙළෙන්දෙකුගේ කරත්තයේ ගැටීමට ගොස් තවත් ත්‍රිරෝද රථයක ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, දරුවා සහ වීදි වෙළෙන්දා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තුවාල ලැබූ තුන් හැවිරිදි පිරිමි ළමයා මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. (පුවත්පත්)