34 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ

ඊයේ පස්වරුවේ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

පෞද්ගලික ආරවුලක් මත ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් දෙදෙනකු සමඟ බහින්බස් වීමක් සිදුවී ඇති අතර, ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.