Thursday, February 27, 2025
Home » මහජන ධනය සුරැකීමේ වගකීම රාජ්‍ය නිලධාරීන්ට තිබෙනවා – ජනපති

මහජන ධනය සුරැකීමේ වගකීම රාජ්‍ය නිලධාරීන්ට තිබෙනවා – ජනපති

by blt-ame
0 comment 2 minutes read

මහජන ධනය ආගමික දේපළ මෙන් ආරක්ෂා කළ යුතු බවත්, එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිවකුට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පුරවැසියන් තෘප්තිමත් කරන කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවයක් බිහිකිරීමට වත්මන් රාජ්‍ය සේවකයින්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට තමන් සූදානම් බවද පැවසීය.
මෙම ජනවරමේ ව්‍යුහය, ඉලක්ක සහ අපේක්ෂාවන් ඉටු කිරීමට රාජ්‍ය සේවකයන් වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියා කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබාදීමට තම දේශපාලන නායක කණ්ඩායම සූදානම් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
නිල රාජකාරි සීමාව තුළ මහජන යහපත වෙනුවෙන් ගන්නා සෑම ක්‍රියාවකටම තමන් පෙනී සිටින බවත් අයථා ක්‍රියාවන් සිදු වුවහොත් අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (ඔක් 15) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
මෙම හමුවේදී බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් ව්‍යාපෘති සහ ඉදිරි වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක සහ පුළුල් සමාලෝචනයක් සිදු කරන ලදී.
ඉදිරි වසර තුනක කාලය තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම මහජනතාවට ලබාදිය හැකි කෙටිකාලීන සහ දිගුකාලීන සහන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබාදී ඇති බව ජනාධිපති දිසානායක මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය.
බලශක්ති අමාත්‍යාංශය ආදායම් උපදවන එකක් බවත්, ඉහළ ඉපැයීම් සහිතව, සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබඳව සමාජයීය සාකච්ඡා පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂාවෙන් ඡන්දය ප්‍රකාශ කළ බවත්, එම ජනවරම ඉටුකිරීමට කැපවන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
පැරණි දේශපාලන සංස්කෘතිය, ඔවුන් මුහුණ දෙන ආර්ථික ගැටලු සහ රාජ්‍ය සේවයේ කාර්ය සාධනය පිළිබඳව ඇති නොසතුට හේතුවෙන් ජනතාව නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රටේ ආර්ථික කඩාවැටීම පිටුපස දූෂණය, වංචාව සහ අවපාලනය පවතින බව මහජනතාව විශ්වාස කරන බවත්, එම ගැටලු වළක්වා ගැනීමට ජනතාව මෙම වරම ලබා දී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය අංශය පුරා සිදුවන දූෂණ වංචා නැවැත්වීමට ජනතාව තැබූ විශ්වාසය ආරක්‍ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන්ට තම වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙස ද ඉල්ලා සිටියේය. (පුවත්පත්)

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00