සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මැයි මාසය වන විට ධනාත්මක ඩෙංගු රෝගීන් 26,964 කට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී ඇති අතර ඉන් සියයට 37 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.
කුරුණෑගල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇත. මෙම රෝගීන් අතරින් 11 දෙනෙකු මියගොස් ඇත. 2022 දී 72 ක් මිය ගොස් ඇති අතර 2023 දී 62 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙම රෝගීන්ගෙන් සියයට 25 කට ආසන්න ප්‍රමාණයක් පාසල් සිසුන් ය.
මේ වසරේ රට පුරා ධනාත්මක මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) රෝගීන් 5,000 ක් පමණ හඳුනාගෙන ඇත. රජයේ රෝහල්වලින් නොමිලේ ලබාදෙන බෙහෙත් නොබොන මී උණ රෝගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මිය යති. කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මාතර, කළුතර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් මේ වසරේ වැඩිම මී උණ රෝගීන් වාර්තා වී ඇත.
වඩාත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති පරිපාලන දිස්ත්‍රික්ක 17ක පාසල් සහ නිවෙස්වලට ගොස් වැළැක්වීමේ පියවර පිළිබඳව පාසල් සහ ගම්බද ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 1200කට ආසන්න PHIවරුන් සහ 3500කට ආසන්න පවුල් සෞඛ්‍ය හෙදියන් පිරිසක් ජූලි 1 වැනිදා සිට යොදවනු ඇත.
පාසල් සහ කර්මාන්තශාලා පරිශ්‍රවලින් සියයට 20ක් පමණ මදුරුවන් බෝවන ස්ථාන බවට එම ස්ථානවලට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගෙන ඇති අතර වගකීම් විරහිත පාසල් ප්‍රධානීන් සහ කර්මාන්තශාලා හිමියන් 1,080කට පසුගිය මාසයේදී අධිකරණයේ නඩු පවරා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සඳහා රජයෙන් රුපියල් මිලියන 250ක් වෙන්කර අති බව.’’ කුරුණෑගල දිසාපති වෛද්‍ය එස්.එම්.ඒ. ප්‍රියදර්ශන පැවසීය.
බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ
68