Thursday, February 27, 2025
Home » මයික්‍රොසොෆ්ට් ඇනහිටීම් ගුවන් ගමන්, බැංකු සහ මාධ්‍ය ව්‍යාපාරවලට බාධා ඇති කරයි

මයික්‍රොසොෆ්ට් ඇනහිටීම් ගුවන් ගමන්, බැංකු සහ මාධ්‍ය ව්‍යාපාරවලට බාධා ඇති කරයි

by BulletEditor
0 comment 1 minutes read

ලොව පුරා ප්‍රධාන ගුවන් සමාගම්, මාධ්‍ය සමාගම්, බැංකු සහ ටෙලිකොම් සමාගම් සිකුරාදා වාර්තා කළ පද්ධති ඇනහිටීම් ඔවුන්ගේ මෙහෙයුම් වලට බාධා පමුණුවා ඇති බවට ලන්ඩනයේ ආරන්චි මාර්ග සන්දහන් කරයි.
එක්සත් ජනපදයේ, සිකුරාදා උදෑසන සිය ගණනක් ගුවන් ගමන් අවලංගු කරන ලදී.

මයික්‍රොසොෆ්ට් විසින ක්‍රවුඩ් සෙර්වර් කිහිපයකට බලපෑ ක්‍රවුඩ්ස්ට්‍රයික් සේවා සම්බන්ධකම් ඇනහිටීමක් විසඳූ බව පැවසුවත් පැයකට අඩු කාලයකදී ගුවන් ගමන් නවතා දැමූ අය අතර අමරිකන් ගුවන් සමගම, ඩෙල්ටා ගුවන් සමගම සහ උනිටෙඩ් ඓයා ලයින් මේ අතර වෙ.

එක්සත් ජනපදයේ පොදු ගමනාගමන පද්ධති ද මේ ආකාරයෙන්ම බලපෑම් වාර්තා කර ඇත.  වාශින්ග්ටොන්  D.C හි   වශින්ටන් මෙට්‍රො පොලිකටන්  එරියා  ට්‍රන්සිට්  අධිකාරිය පැවසුවේ එහි “වෙබ් අඩවිය සහ අපගේ සමහර අභ්‍යන්තර පද්ධති දැනට ක්‍රියා විරහිත වී ඇති” බවයි.

නමුත් නියමිත පරිදි දුම්රිය සහ බස් ධාවනය වූ බව. නිව් යෝර්ක් නගරයේ, මෙට්‍රොපොලිටන් ප්‍රවාහන අධිකාරිය පැවසුවේ එය බස්රථ සහ දුම්රියවලට බලපෑමක් නොමැති නමුත් “සමහර පාරිභෝගික තොරතුරු පද්ධති ලොව පුරා තාක්ෂණික ඇනහිටීමක් හේතුවෙන් තාවකාලිකව  විසන්දි ව ඇති බවයි.
ගෝලීය තොරතුරු තාක්ෂණ ඇනහිටීම් ගුවන් ගමන් නතර කිරීමට පොළඹවන බැවින් එක්සත් ජනපද ගුවන් ගමන් 500 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමත් සමඟ ගමනාගමන බාධාවන් වාර්තා විය. මෙම ඇනහිටීම් Fortune 500 සමාගම් වලින් අඩකට වඩා භාවිතා කරන  ක්‍රවුඩ්ස්ට්‍රයික් නම් සයිබර් ආරක්ෂණ ආයතනයේ යාවත්කාලීන කිරීමකට සම්බන්ධ වී ඇති බව පෙනී යයි.
ක්‍රවුඩ්ස්ට්‍රයික් ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් කර්ට්ස් එක්ස් හි පළකිරීමක දී කියා සිටියේ ඇනහිටීම “සයිබර් ප්‍රහාරයක්” නොවන බවයි. එය “වින්ඩෝස්  අලුත් කිරේම්  සඳහා අන්තර්ගත යාවත්කාලීනයක ඇති දෝෂයකට” සම්බන්ධ වී ඇති බව ඔහු පැවසීය. ගැටලුව “හඳුනාගෙන, ඇති අතර විසඳුමක් යොදවා ඇති” බව ඔහු පැවසීය.

මයික්‍රොසොෆ්ට් ආයතනය හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ පවතින හේතුව නිරාකරණය කර ඇත,” කෙසේ වෙතත්, අවශේෂ බලපෑම් “සමහර යෙදුම් සහ සේවාවන්ට දිගටම බලපාන බවයි. වි
(USA Today)

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00