Thursday, February 27, 2025
Home » මුං වගාව සඳහා එක් ගොවියෙකුට රුපියල් 25,000 ක සහනාධාරයක්

මුං වගාව සඳහා එක් ගොවියෙකුට රුපියල් 25,000 ක සහනාධාරයක්

by BulletEditor
0 comment 1 minutes read

2024 යල කන්නයේ අස්වනු නෙලීමෙන් පසු තුන්වන බෝග කන්නය හෝ මුං වගාවේ අතරමැදි කන්නයක් ඉපනැල්ලේ වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මේ අනුව හෙක්ටයාරයකට මුං ඇට කිලෝග්‍රෑම් 25ක් ගොවීන් වෙත නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක් ගොවියෙකු වෙනුවෙන් රුපියල් 25,000ක් වැය කරයි.
මෙම අතරමැදි කන්නයේ මුං අක්කර 63,750ක් වගා කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වාරිමාර්ග යටතේ අක්කර 40,000ක්, මහවැලි යටතේ අක්කර 16,250ක් සහ අන්තර් පළාත් යටතේ අක්කර 7,500ක් වගා කිරීමට සැලසුම් කර ඇත.
මේ වන විට අපේ රටේ වාර්ෂික මුං අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000 කි. මෙම අතරමැදි කන්නයේ මුං වගා කිරීමෙන් මේ වසරේ රට මුංවලින් ස්වයංපෝෂිත කිරීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වන විට රටේ වාර්ෂික මුං ඇට අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 15,000ක් පමණ අප රට තුළ නිෂ්පාදනය කර ඇති අතර මෙට්‍රික් ටොන් 5,000ක් පමණ ආනයනය කර ඇත.
එමෙන්ම මෙම අතරමැදි වගා කන්නයේ ඉපනැල්ල ප්‍රදේශයේ මුං වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගොවි භාර අරමුදල හරහා ලබාදෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දුන්නේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති පරිදි දිවයිනේ මුං වගාව සඳහා වැඩිම විභවයක් ඇති දිස්ත්‍රික්ක වන්නේ හම්බන්තොට, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක වේ. අනෙකුත් දිස්ත්‍රික්කවල ද මුං වගා කළ හැකි නමුත් ඉපනැල්ල වගාවේ මුං ඇට සඳහා ඉහත සඳහන් දිස්ත්‍රික්ක වඩාත් යෝග්‍ය වේ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00