Friday, February 28, 2025
Home » මිල ස්ථාවරත්වය සඳහා බිත්තර ආනයනය කරනවා – ඇමති

මිල ස්ථාවරත්වය සඳහා බිත්තර ආනයනය කරනවා – ඇමති

by bltdil
0 comment 0 minutes read

බිත්තර නිෂ්පාදනය අඩු වුවහොත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බවත් එසේ නොවන්නේ නම් නිෂ්පාදකයා තම නිෂ්පාදන නිසි මිලට ලබාදී පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතු බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් තමා වගකිව යුතු බැවින් බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවත්, ඊට මැදිහත් වී විසඳුම් සෙවීමට තමාට සිදු වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික ප්‍රකෘතියේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙමින් ජනතාව වෙනුවෙන් සහන ක්‍රියාමාර්ග රැසක් රජය කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00