Friday, February 28, 2025
Home » මැතිවරණ කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමඟ ඉදිරියට යා හැකියි – ආචාර්ය ප්‍රතිභා

මැතිවරණ කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමඟ ඉදිරියට යා හැකියි – ආචාර්ය ප්‍රතිභා

by bltdil
0 comment 1 minutes read

පොලිස්පතිවරයෙකු පත් කළත් නැතත් මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පත් කෙරෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ මැතිවරණයට අදාළ කටයුතු බාධාවකින් තොරව සිදු කළ හැකි බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළා. . මේ මොහොතේ රටට වැදගත් වන්නේ මැතිවරණය පැවැත්වීම මිස පොලිස්පති ධූරය සම්බන්ධයෙන් වන කඹ ඇදිල්ල නොවන බවද ඔහු පැවසීය.
ආචාර්ය මහානාමහේවා මේ බව සඳහන් කළේ වින්දිතයන් සුරැකීමේ දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය විසින් මහනුවර පොලිස් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි. මෙතෙක් පොලිස්පතිවරයා පත් නොකිරීම සම්බන්ධයෙන් රට තුළ යම් ආන්දෝලනයක් ඇති වී තිබෙන බවත්, හිටපු පොලිස්පතිවරයාට එරෙහිව මූලික මානව හිමිකම් සම්බන්ධ පෙත්සම් 9ක් ගොනු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මෙම නඩුවේ තීන්දුව ලැබෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව අදාළ නඩු විභාගය අවසන් වන තුරු පොලිස්පතිවරයා පොලිස්පතිවරයාගේ ධූරයෙන් තාවකාලිකව ඉවත් කර ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ. පොලිස්පති කාර්යාලය බලාගැනීමට වෙනත් අයෙකු පත් කර එතෙක් පොලිස්පති ලෙස කටයුතු කරන්න. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය සමඟින් නව පත්වීම් සිදු කළ හැකිද යන්න සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බවද ඔහු සඳහන් කළා.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00