සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සියලුම පොලිස් ස්ථානවල සහ පොලිස් අධිකාරී කාර්යාලවල මැතිවරණ කොට්ඨාශ ස්ථාපිත කරන ලෙස මැතිවරණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අංශය මඟින් ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි විමර්ශනය කිරීම මෙන්ම මැතිවරණ නීතිය උල්ලංඝණය කළහොත් නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදු කෙරේ.
දැනට පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරීන් මෙම කොට්ඨාශ සඳහා යොදා ගන්නා අතර සෑම කොට්ඨාශයක් සඳහාම ස්ථානාධිපතිවරයෙකු පත්කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
“මෙය අලුත් පියවරක් නොවන බවත් මේ ක්‍රමය හැම මැතිවරණයකදීම අනුගමනය කර අති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරවිට මහතා පැවසීය.එ
මෙම අංශය පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක විය යුතු අතර පොලිස් පරීක්‍ෂක තරාතිරමේ නිලධාරියකු, සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගෙන් සහ කාන්තා කොස්තාපල්වරියකගෙන් සමන්විත විය යුතු බව කරවිට කළ දැනුම්දීමේ සඳහන් වේ.
සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ කොට්ඨාශයක් ස්ථාපිත කෙරේ
36