තමන් ඊයේ රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර ඊයේ (01) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැහැ.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක දේශපාලන අරමුණු ඇතිව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම ජනතාව නොමඟ යැවීමක් බව මා විශ්වාස කරනවා.
එබැවින් මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි”
“ඊයේ රෑ මම ජනාධිපති රනිල්ව මුණගැහුණේ නැහැ”මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්.
Mahinda Rajapaksa looks on during a Sri Lanka People's Front party event in Colombo, Sri Lanka July 4, 2018. REUTERS/ Dinuka Liyanawatte/File Photo