අද පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පනත් තුනක් සම්මත වී තිබේ.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයකට අනුව විදේශ විනිශ්චයන් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
මේ අතර කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන නොමැතිව සම්මත විය.
මෙම පනත් කෙටුම්පත් තුනට අදාළ දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 4.40 දක්වා පැවැත්වුණු අතර ඉන් අනතුරුව පනත් තුන පාර්ලිමේන්තුවේදී සම්මත විය. (පුවත්පත්)